සාම්ප්‍රදායික පුස්කොළ පොත් සම්ප්රදාය
ඉතා ඈත අතීතයේ සිටම යම් යම් දෑ ලියා තැබිමේ පුරැද්ද මානවයා සතු විය. මුද්‍රණ ශිල්පයේ දියුණුවත් සමග ඕනෑම කෘතියක් මුද්‍රණය කොට ජනතාව වෙත කියවීම සදහා බෙදා හැරිම සාමාන්‍ය දෙයක් බවට වර්ථමානයේ පත්ව ඇත. නමුත් මෙම ශිල්පය පැමිණිමට පෙර මිනිසා යම් යම් දෑ ලියා තැබු බව ඇතැම් සාධක ඔස්සේ හදුනාගත හැක. ඒ අනුව ශිලා ලේඛන, ලෝහ වලින් නිපදවු යමක සටහන් කිරිම හා පුස්කොළ පොත් භාවිතය වැනි ක්‍රම මේ සදහා යොදාගෙන තිබේ. වර්ථමානයේ අප කියවන දකින දෑ වලින් විශාල ප්‍රමාණයක් පුරාණයෙන් අපට දායාද වු ඒවාය. ඒ අතරින් වැදගත් ස්ථානයක් සාම්ප්‍රදායික පුස්කොළ පොත් සම්ප්‍රදායට හිමි වී ඇත.
ලංකාවේ ඉතා බහුල ලෙස භාවිත වු ලේඛන ද්‍රව්‍ය වුයේ පුස්කොළ ය. මෙම පුස්කොළ මත ලියනවාට වඩා සටහන් කරනවා කීම නිවැරදිවේ. මෙරට ලේඛන කලාවේ විධිමත් ආරම්භය සිදුවන්නේ (ක්‍රි.පු.250-210) ලක්දිවට බුදු සමය ගෙන ඒමත් සමගය. නමුත් එයට පෙර මෙරට යම් ලේඛන ක්‍රමයක් තිබු බවට ඓතිහාසික සාධක දැනටමත් හමුවී ඇත. මේ සදහා හොදම උදාහරණය ලෙස මහාවංශය දැක්විය හැක. එහි සදහන් වන්නේ විජය රජු සිය සොයුරැ සුමිත්ත කුමරැ වෙත හසුන් පත් යැවු බවයි. මෙයට අමතරව අභය රජු පඩුඅබා කුමරැට ලිපියක් යැවු බව ද මහාවංශයේ සදහන්වේ. ක්‍රි.පු. 89-77 කාලයේ දී මාතලේ අලුවිහාරයේ දී ත්‍රිපිටකය ග්රන්ථාරෑඪ කිරිමේන් පසු මෙරට ඉතිහාසයේ ප්‍රධානතම ලේඛන මාධ්‍ය බවට පත්වන්නේ මෙම පුස්කොළ ය. එදා මෙරට පුස්කොළ කලාව නීති රීති සමුදායක මත රැදී තිබුණි. පුස්කොළ පොත් ප්‍රධාන වර්ග 2 කි.
1 තල් කොළ පුස්කොළ පොත්
2 තල කොළ පුස්කොළ පොත්
ලේඛන කාර්යයේ දී තල කොළ හදුන්වන්නේ පුස්කොළය නමිනි. “පුස් කොළය’’ පිළිබදව වියතුන් විවිධ අදහස් පළ කරනු ලැබෙයි. ශ්‍රි සුමංගල ශබ්ද කෝෂයේ “පුස්’’ යන ධාතුවට අර්ථකතනය සපයනුයේ කිසිවක් නොලියන ලද හිස් තල් කොළය යනුවෙනි. තල් කොළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පහසුවෙන් සොයාගත හැකිවීම එදා ලේඛන කලාවේ වර්ධනයට ප්‍රධාන හේතුවක් විය. තල් ගොබයක සාමාන්‍ය උස අඩි 10-20 ක් පමණවේ. එම තල් ගොබයක පත්‍ර 80-100 පමණ ඇත. පුස්කොළ පොත් සදහා තල් ගොබ සකස් කිරිමේ දී මුලින් ම කරන්නේ තල් ගොබය ගෙන එහි පත්‍ර වල ඉරටු ඉවත් කිරිමයි. ඉන්පසු එම ඉරටු ඉවත් කරන ලද කොළ තනි තනිව රෝල් ලෙස සකසයි. මෙම රෝල හදුන්වන්නේ වට්ටු යන නමිනි. පසුව මේ වට්ටු පැපොල් කොළ, ගෙඩි හා අන්නාසි කොළ දැමු වතුරේ දමා පැය කිහිපයක් තම්බනු ලබයි. එම වට්ටු ගෙන දිගහැර දින තුනක් තද අව්වෙත්, හඳ ඇති රෑ තුනක් පින්නෙත් තබනු ලබයි.මෙසේ සාදාගත් තල්පත් ඊළගට ඔප දමනු ලැබේ. මෙසේ කිරිමේ දී එම කොළයේ අග යම් බර දෙයක් එල්ලයි.මෙසේ ඔපලාගත් පසු තල්පත් දුම් වදින්නට තැන්පත් කරනු ලබයි. ඉන්පසුව අවශ්‍යතාවය අනුව එම පත්‍ර සකසා ගනී. මෙම පත් ඉරැවක් අගල් 2-2 1/2 ක් පමණ පළල් වන අතර අගල් 6-32 තෙක් දිගින් යුක්තය. අනතුරැව පොත් ලණුව දැමීම සදහා මෙම තල්පත් සිදුරැ කළ යුතුය. මෙය ද සිදුවුයේ සාම්ප්‍රදායික රීතියකට අනුවයි.
“ අයමෙව චතුර්භාගං, ග්රිභාගං පුනරෙව - උභයෝ සුත්‍ර මෙධ්යන තථා කාර්යත් , ජීලක්ෂණම ‘’
ඉහත ශ්ලෝකයට අනුව සිදුරැ කිරිමට පෙර මෙම තල්පත් පළමුව දිග අතට හතරට නමයි. නැවත එය දිගහැර තුනට නමයි. මෙම නැවුම් වල අවසන් හා මුල් තීරැ මැදින් පොත් ලණු දැමීම සදහා විදිනු ලබයි. මේ සදහා ගන්නේ රත් වු යවටයකි. එයින් වටේ පුලුස්සනු ලබයි. එමගින් පත්ඉරැවල ශක්තිමත් බව වැඩිවේ. එමෙන්ම කෘමි උවදුරැ වලින් ආරක්ෂා වීමට ද ඉවහල් වේ. ඉන්පසු මෙම පත්ඉරැ වසුන් දෙකක අතර තබා සිදුරැ තුළින් නූලක් යවා එම නූලෙන්ම හොදින් හිරකර වේලනු ලබයි. මෙම පොත් වසනු හදුන්වන්නේ පොත් කම්බා යනුවෙනි.මෙම පොත් කම්බා සැකසීමේ දී අපට ආවේණික සටහන් යොදා ගැනිමට පැරැන්නෝ සමත් වුහ. මෙම පොත් කම්බා ජාතක කථා ආදියෙන් ද මල්, කොළ, සත්ව රෑප හෝ වෙනත් චිත්‍ර සටහන් වලින් ද අලංකාර කිරිමට පැරැන්නන් අමතක නොකළේය. විශේෂයෙන් මෙම පොත් කම්බයෙහි සැරසිලි කරන ලදී. සමහර අවස්ථාවලදී ඇත් දත්, රත්තරන් ආදිය මෙම පොත් කම්බා සැරසිලි කිරිමට උපයෝගි කර ගත්හ.මෙය පුස්කොළ පොත සැරසිමට මෙන්ම ආරක්ෂාවට ද හේතුවක් විය. මේ අනුව එදා පුස්කොළ පොත් කවර කලාව ඉතා දියුණු තත්වයක තිබී ඇත. මෙසේ සකස් කර ගන්නා ලද පුස්කොළ පොත ඉන් පසු ලිවීමට යොදාගන්නා ලදී.
පුස්කොළයේ ලිවිම සදහා යොදා ගනු ලබන්නේ පන්හිඳයි. පුස්කොළ ලේඛන ආධුනිකයෝ මුල දී මේ සදහා උල් කටුව භාවිතා කළහ. පන්හිදේ මුදුන උල් කටුවේ මෙන් නොව පැතලිය. ඉතා හොද පන්හිඳකින් ලියනු ලැබු පුස්කොළ පොත් දිගු කලක් ආරක්ෂාවේ. මේ සදහා උපයෝගි කරගන්නා පන්හිඳ ද විචිත්‍ර කැටයමින් අලංකාර කිරිමට පැරැන්නෝ අමතක නොකළහ. ලිවීමට උපයෝගි කරගන්නා පන්හිදෙහි සාමාන්‍ය දිග අඟල් 22 ක් පමණ විය. එපමණක් නොව එය නිශ්චිත අනුපාතයක් යටතේ කළ මෙම පන්හිඳ අඟල් 4,2,3,1 යන අනුපාතයට බෙදා ජත්‍ර,පත්‍ර,නළ,ගන්ඨ,ලේඛනී යනුවෙන් නම් කරනු ලැබුහ. සිංහල අකුරැ රවුමට එක්තරා රටාවකට ලිවීම කාටත් පහසුවෙන් කළ හැකි දෙයක් නොවීය. ආදී සිංහලයා ලේඛන කලාවට හුරැ වුයේ වැලිපිල්ලේ ලිවීමෙනි. ඒ අනුව පුස්කොළයේ ලිවීමට ද වැලිපිල්ලේ ලිවීමෙන් පසු ක්‍රමයෙන් පළපුරැද්දෙන් ලබා ගත යුතු දැනීමක් විය.
කිසිවෙකුට තමන්ට රිසි අයුරින් ලේඛන කලාවේ යෙදීමේ නිදහසක් අතීතයේ නොතිබිණි. පුස්කොළයේ ලිවීමේ කලාව ද සිදුවුයේ සම්මතයන්ට අනුවය. සාම්ප්‍රදායික පුස්කොළයේ ලිවීම ශිල්පයක් පමණක් නොව කලාවක් ද විය. මෙහි දී ප්‍රධාන නීතිය වුයේ සෑම විටම ලියන පුද්ගලයා දකුණතින් ලිවීය යුතුය යන්නයි. ලියන හැම විටම මාපට ඇඟිල්ල පන්හිදේ ලේඛනීය වෙත රැදවිය යුතු විය. ලියන පත් ඉරැවේ දෙපසින් අඟල් 1-11/2 සහ හිල් වටා ද ඉඩ හාරිය යුතු විය. පේළි ඇද නැති විය යුතු අතර පේළි අටකට වඩා නොලිය යුතු විය. එක් පත් ඉරැවක ලිවිය යුතු පේළි ගණන 8-10 ක් පමණ විය. පුස්කොළ ලේඛන කලාවේ දී අකුරක කොටස් ද දක්වා තිබුණි. පුස්කොළ අකුරැ ලියන ආකාරය අනුව අකුරැ ලිවීමේ ක්‍රම තුනක් තිබිණි. මෙම ක්‍රම තුන නම්,
- ගජ ශෛලිය
- සිංහ ශෛලිය
- හංස ශෛලිය
ගජ ක්රමයේ අකුරැ රවුමටත් සිංහ ක්රමයේ අකුරැ දිගටියටත් හංස ක්රමයේ අකුරැ සිහිනියටත් ලියනු ලැබේ. මේ පිළිබදව පැරණි ශ්ලෝකයක මෙලෙස සදහනවේ.
“සමානි සම පාදානි , සමාංසානී සමාං සීරං
අක්ෂරානි ප්රතිෂ්ටව්යා , මෘදුනි ලලිතානිච’’
“සමානි සම පාදානි , සමාංසානී සමාං සීරං
අක්ෂරානි ප්රතිෂ්ටව්යා , මෘදුනි ලලිතානිච’’
හොද අකුරැ මහතින් සමාන විය යුතුය. ඉස්පිලි හා පාපිලි ද සමාන විය යුතුය. පුස්කොළයෙ පන්හිදෙන් ලියු පමණින් එහි වැඩ අවසන් නොවේ. එය ක්‍රමවත් කිරීම උදෙසා කළු මැදීම කළ යුතුය. පුස්කොළය මනාව කියවිය හැක්කේ කළු මැදීමෙණි. මේ සදහා යොදා ගන්නේ ගැඩුඹ අඟුරැ,කැකුණ මුල් සහ දුම්මල තෙල් වලින් සමන්විත මිශ්රනයකි. මෙම මිශ්‍රනය ලියන ලද පුස්කොළය මත ආලේප කර ඉන් පසු පුළුක් හෝ දහයිවා වැනි දෙයකින් පිරිමදිනු ලබයි. මෙම අකුරැ ලියන ක්‍රම සමහර ලේඛන පරම්පරාවලට විශේෂිත විය. පුස්කොළ පොත් වල පිටු වෙන් කරන ලද්දේ ද වෙනස් අයුරකිණි. පිටු වෙන් කිරිම සදහා ව්‍යංජන අක්ෂර 14 ක් උපයෝගි කරගෙන ඇත. පුස්කොළ පොතක් සිරිතක් වශයෙන් ආරම්භ වුයේ ස්වස්ති සිද්ධම් යන වචනයෙන් හෝ නමෝ බුද්ධාය යන වචනයෙනි. එසේ පටන් ගන්නා පුස්කොළ පොත අවසන් වන්නේ සිද්ධි රස්ත, සුභ මස්තු, ආරෝග්‍ය මස්තු කියා සටහන් කිරිමෙනි. පත් ඉරැවක ලියාගෙන යාමේ දී යම් ලෙසකින් යමක් ලිවීමට අමතක වුවහොත් කාක පාදයක් යොදා එම කොටස ඇතුළත් කළහ. මෙසේ සංකේතයක් යොදන කොටස හදුන්වන්නේ “ දරැ පොළ’’ ‘’ ලෙසයි. සාමාන්‍ය ලේඛනයේ දී නැවතිමේ තිත යෙදුණ ද පුස්කොළ ලේඛනයේ දී භාවිතා කරන්නේ කුණ්ඩලය යි. පොත අවසානයේ සමාප්ති වාක්‍ය දැකිය හැකිය. අවසාන් පත් ඉරැවේ ග්‍රන්ථයේ නම, ලිවීමේ පරමාර්ථය ආදිය සදහන් වේ. සමහර පුස්කොළ පොත් වල සදහන් කර ඇත්තේ පරමාර්ථය ලෙස මතු ආත්මයේ සැප ලැබීමයි. පුස්කොළ පොත ලියා ඇති දිනය සදහන් කර ඇත්තේ කථපයාක්ෂර ක්‍රමයෙනි.. බොහෝ පුස්කොළ පොත් සකස් කර ඇත්තේ වටිනා සිල්ක් රෙදි වල ඔතාය. එසේ කරන්නේ සතුන්ගෙන් බේරා ගැනිමටයි. අදහස් හුවමාරැ කර ගැනීමට භාවිතා කරන ලියමනට යොදන කවර ගණන අනුව එය ලබන පුද්ගලයාගේ තරාතිරම දැක්විණ. එය සංස්කෘත ශ්ලෝකයක මෙසේ සදහන් කරයි.
පඤ්ච මාතා පිතා භ්රාත්රිණං ෂඩ් ගුරාම් සප්ත භුපතිම්’’
මෙයට අනුව කවරය එක් වරක් පමණක් වෙලා ඇති නම් එය යවනු ලබන්නේ සතුරාටය. දෙවරක් නම් මිතුරාටය. තෙවරක් ඔතනු ලබන්නේ නෑදැයෙකු සදහාය. සතරවරක් නම් ප්රභුන්ටය. පස්වරක් නම් පියාට මවට හෝ සොහොයුරාටය. සයවරක් නම් ගුරැවරයාටය. සත්වරක් යොදනු ලබන්නේ රජු සදහාය. මෙලෙස එදා මුළු පුස්කොළ ලේඛන කලාවම ශාස්ත්රනුකුල ස්වරැපයක් ගන්නා ලදී. පැරණි ලංකාවේ සාම්ප්‍රදායික පුස්කොළ ලේඛන කලාව දියුණු වීමට ප්‍රධාන හේතුව වුයේ රාජ්‍ය අනුග්‍රහය විධිමත්ව ලැබීමයි. විවිධ සමාජීය හා දේශපාලන හේතුන් මෙරට බොහෝ සාම්ප්‍රදායික පුස්කොළ පොත් විනාශයට හේතු විය. එමෙන්ම ස්භාවික අමුද්‍රව්‍යක් වීම නිසාවෙන් පුස්කොළ ඉක්මනින් විනාශ විය හැකිය. එ සදහා බලපාන සාධක වන්නේ පාරසරික බලපෑම් හා මානව ක්රියාවන්ය. මෙසේ පුස්කොළ පොත් විනාශයට පත් වුව ද දහස් ගණනක් වු පුස්කොළ පොත් අතරින් අල්පයක් හෝ රැක ගැනිමට වෙන් වු ස්ථාන රට තුළ තිබිම සතුටට කරැණකි. මෙරට දැනට තිබෙන විශාලතම පුස්කොළ පොත් එකතුව ඇත්තේ කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේය. මෙරට දැනට ඉතිරිව ඇති පැරණිම පුස්කොළ පොත වන පාලි චුල්ලවග්ගයේ පිටපතක් මෙම එකතුවේ දැකිය හැකිය. මීට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයෙහි පුස්කොළ පොත් අධ්‍යනයට වෙන් වු වෙනට අංශයක් පවති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහිත් කොළඹ විද්‍යෝදය හා පැලියගොඩ විද්‍යාලංකාර යන පිරිවෙන් තුළ ද පුස්කොළ පොත් සංරක්ෂණයක් දැකිය හැකිය. දහස් ගණනක් වු පුස්කොළ පොත් අතරින් අප නොදන්නා ස්ථාන වල ඇති පුස්කොළ පොත් එකරැස් කර සාම්ප්‍රදායික ක්‍රම යොදාගනිමින් එයට නුතන විද්‍යාත්මක ක්රමයන් ද යොදාගෙන මෙම පුස්කොළ පොත් සංරක්ෂණය කිරිම අප සතු වගකිමක් බව අවබෝධ කර ගත යුතුය.
තමාෂා ගුණරත්න
Very useful thanks sis
ReplyDeleteවැදගත් ලිපියක්.සුබ පැතුම්
ReplyDeleteවැදගත් ලිපියක්. බොහොම ස්තූතියි ඔබ තුමියට. මා මේ ලිපිය මෙලෙසින්ම උපුටා ඔබතුමියගේ නම ද සහිතව මුහුණුපොතේ පළකලා.
ReplyDelete