ගම්පහ දූම්රිය ස්ථානයේ සිට ගම්පහ මිනුවන්ගොඩ ප්‍රධාන පාරේ කිලෝමීටර එකහමාරක් පමණ ගමන් කරන විට මාර්ගයේ වම්පසින් හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයට මග පෙන්වන නාම පුවරැව හමුවේ. අතීතයේදී ගම්පහට භාවිතා කළේ හෙනරත්ගොඩ කියන නාමය නිසා උද්‍යානයත් ඒ නමින් හදුන්වයි. එතැනින් හැරී තවත් කිලෝමීටර තුන් කාලක් පමණ ගමන් කළ විට උද්‍යාන ප්‍රවේශ දොරටුව දැකගත හැකි වේ. සොබා සෞන්දර්යයෙන් අනූන හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය ගම්පහ ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාවගේ මෙන්ම විවිධ ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගේ ආකර්ශණයට ලක් වූ ආකර්ශණීය ස්ථානයකී. ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය පෙම්වතුන්ගේ පාරාදීසයක් ලෙස හැදින්වීම නිවැරදී වේ.
ස්වාභාවික පරිසරය හා මානව නිර්මිත පරිසරය ලෙස පරිසරය වර්ග කළ හැකි අතර මෙම ස්ථානය මානව නිර්මිත පරිසරය යටතට අයත් වේ. ඈත අතීතයේ සිට බොහෝ ජනයාගේ නෙත් සිත් වශී කළ සුන්දර නගරයක් ලෙස ගම්පහ නගරය ඉතිහාස ගත වී ඇත. විශේෂයෙන් මෙරට පාලනය කල සුදු ජාතිකයන්ගේ සිත් දිනා ගත් ආකර්ශණීය නගර අතර මහනුවර, නුවරඑළිය, බන්ඩාරවෙල ආදී නගර මෙන්ම විවේක සුවයෙන් ගත කිරීම පිණිස ඔවුන්ගේ නෙත් සිත් දිනා ගැනීමට ගම්පහ නගරය ද සමත් වී ඇත. මෙයට හොදම නිදසුන වනුයේ පේරාදෙණිය, හග්ගල වැනි ඉතා දැකුම්කලු සොබා සෞන්දර්යන් අනූන මල් උයන් නිර්මාණය කල පරිද්දෙන්ම ගම්පහ හෙනරත්ගොඩද ඉතා රමණීය උද්‍යානයක් නිර්මාණය කිරීමට සුදු ජාතිකයන් ක්‍රියා කිරීමෙන් ඒ බව තවදුරටත් පැහැදිලි වේ.
පහතරට තෙත් කලාපයට අයත් හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර 10 ක් උසිනි. උද්‍යානයේ විශාලත්වය හෙක්ටයාර් 14.4 එනම් අක්කර 43 ක භූමී ප්‍රමණයකි. උද්‍යානයේ ඉදිරි පසින් මනස්කාන්ත කුඹුරැ යායක් දක්නට ලැබෙන අතර එය මිනිසුන්ගේ ආකර්ශණය දිනා ගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇත. මීගමු කලපුවෙන් මුහුදට වැටෙන අත්තනගලු ඔය ගලා යන්නේ උද්‍යානයට මායිම් වෙමිනි. එය උද්‍යානයේ සුන්දරත්වයටත් විශාල පිටුවහලක් වී ඇත. ස්භාදහමේ සුන්දරත්වය විද ගැනීමට හා ශාක පිළිබද අධ්‍යනය කිරීමටත් හොද තෝතැන්නක් වශයෙන් හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය හෙවත් ගම්පහ මල් වත්ත හදුන්වා දිය හැකිය.
ගම්පහ හෙනරත්ගෙඩ උද්භිත උද්‍යානය හෙවත් ගම්පහ මල්වත්තට අනෙකුත් උද්භිත උද්‍යානයන් අතරින් වැඩි වැද්‍ගත්කමක් හිමි වන්නේ ලංකාවේ පළමු රබර් පැලය මෙම උද්‍යානය තුළ රෝපණය කිරීම නිසයි. ආර්ථීත කටයුතු උදෙසා රබර් කිරි ප්‍රයෝජනයට ගත හැකි අන්ද්ම පිළිබද් ලෝකයට කරුණු ඉදිරිපත් වීමෙන් පසු තමන්ගේ යටත් විජිතයක් වන ලංකාවේ රබර් වගාව සිදු කිරීමට ඉංග්‍රීසින් තීරණය කරන ලදී. ඒ අනුව පළමු රබර් පැල කීහිපය එංගලන්තයේ “කිව්“ උද්භිත උද්‍යානයයන් ගෙනවිත් පේරාදෙණිය රාජකීය උද්‍යානයේ රෝපනය කිරීමට මුලින් තීරණය කළ ද එහි දේශගුණය නොගැල පෙන බව සොයා ගැනීමෙන් පසු ඇමසන් ගංගා ආශ්‍රිත වනාන්තරබද දේශගුණයට සමාන දේශගුණයක් පැවති ගම්පහ ප්‍රදේශය ඒ සදහා යොදගන්නා ලදී. ඒ අනූව 1876 දී හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය තුළ පළමු රබර් ශාකය රෝපණය කර ඇත. පළමු ශාකයේ මල් හටගෙන ඇත්තේ ශාකය රෝපණය කර වසර 5කට පසුවය. මෙලෙස රෝපණය කරන ලද පළමු ශාකය ස්වාභාවික හේතු මත විනාශ වූව ද දෙවන ශාකය විනාශ වී අතතේ 1988 දී ප්‍රදේශය හරහා හඹා ගිය සුළි සුළගක් නිසාය. එම ශාකයේ නටඹුන් අදයත් උද්‍යානය තුළ දැක ගත හැකිය. මිනිසා විසින් නිර්මාණය කරන ලද ස්ථානයක් වුව ද පාරිසරික සුන්දරත්වය නොවඩුව විද ගැනීමට හැකියාව උද්‍යානය මගින් හිමිවේ. උද්‍යානයේ ප්‍රධාන පිවිසුම දෙසට පිහිටි වනාන්තරය ආරම්භයේ පටන්ම නිවර්තන වාර්ෂා වනාන්තරයක ආදේශකයක් ලෙස පවත්වාගෙන යයි. එයට නුදුරින් පිහිටා ඇති පාම් ගස් මගින් විශාල අලංකාරයක් හිමිවේ.
හෙනරත්ගෙඩ උද්භිත උද්‍යානය තුළ ජපන් උද්‍යානය, උඩවැඩියා එකතුව, ඖෂධ උයන, පළතුරැ උයන, පුෂ්ප උයන, මී වන උයන, තාල වර්ගයේ ශාක එකතුව ආදී වශයෙන් ශාක පැතිරි තිබේ. ගම්පහ වැනි නාගරික පරිසරයක් තුළ පවතින මෙම සුවිශේෂ ස්ථානය ක්‍රියාත්මක වන්නේ ජාතික උද්භිත උද්‍යාන දේපාර්තමේන්තුව යටතේය. DIPTEROCARPAS ZEYLANICUS, ROYSTONIA REGIA, CAIOPHYIIAM INOPHYLLUM, TURAKTOGENUS KURZIL, LIVISTONA ROTUNDIFOIIA වැනි වැදගත් ශාක ප්‍රජාවන් උද්‍යානය තුළ පවති. උද්‍යාන ප්‍රදේශය තුළ වාර්ෂික වර්ශාපතනය මිලිමීටර 2500 ක් වන අතර වාර්ෂික උෂ්ණත්වය සෙන්සියස් අංශක 30 කී. උද්‍යානය තුළ ශාක විශේෂ 2000 ක් පමණ පවති. උද්‍යානයේ මෙහෙවර ශ්‍රී ලංකාවේ ස්වාභාවික හා නිර්මිත පරිසරයන් හී ඇති ශාක සම්පත් අධ්‍යනය, තිරසාර සංරක්ෂණය, තිරසාර සංවර්ධනය හා ආශ්වාද්යය සදහා ජනතාවට අවස්ථාව ලබා දීමයි.
උද්‍යානය තුළ ක්ෂිරපායි සතුන් වන දිය බල්ලා, නරියා, ලේනා, දඩු ලේනා, ඉත්තෑවා, මුගටියා ආදී සතුන් පරවියා, පිළිහුඩුවා, කොකා වැනි කුරැළු විශේෂ ද සමනලයා, මකුළුව, කුරැමිනියා, මී මැස්සන් වැනි කෟමි සතුන් ද සර්පයින් හා කටුස්සන් ද ගොඩ ගෙම්බා, ගෙම්බා ආදී උභය ජීවින් ද මොලුස්කාවන් වන ගොළු බෙල්ලා හම්බෙල්ලා ආදීන් ද මිරිදිය මාළු විශේෂ ද උද්‍යානය පරිශ්‍රය තුළ දැක ගත හැකි සුලභ සතුන්ය. උද්‍යනය තුළ ඝර්ම කලාපීය වනාන්තර 2ක් දැක ගත හැකි අතර ඒ තුළ සත්ව විශේෂ රැසක් ජීවත් වේ. තිරසාර සංරක්ෂණය යටයතේ පවත්වා ගෙනයන උද්‍යානය පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කර ගනිමින් තිරසාර සංවර්නය සිදු කරන ආකාරය දැක ගත හැකිවේ. ජනතාවට පරිසරයේ සුන්දරත්වය විද ගනිමින් විනොදාස්වාදය විද ගැනිමට හෙනරත්ගෙඩ උද්භිත උද්‍යානයෙන් ලැබෙන්නේ මහගු අවස්ථාවකි.
තමාෂා ගුණරත්න
No comments:
Post a Comment