Friday, May 10, 2019

විදේශිය රට වල පවතින ජනකතා හා සන්නිවේදනර්ථ



   ජනකතා යනු පොදු බුද්ධිමය දේපළක් මෙන්ම මානව කණ්ඩායම් මෙහෙයවිය හැකි බලවේගයක් වේ. මැක්ස් මියුලර් නම් පඩිවරයා භාරතිය ජනකතා ගැන සදහන් කරමින් ප්‍රකාශ කලේ ජනකතාව ජනමතය හෙළි කරන ඥාන කැඩපත බවයි. රට රටවල විසිරි තිබෙන විවිධ වර්ගයන්ට අයත් ජනකතා එක්රැස් කිරිම ප්‍රාථමික සාහිත්‍ය අධ්‍යනයේ එක් ප්‍රධාන පියවරක් විය. මෙසේ සිදු කළේ දේශාන්තර අවබෝධයක් ලබා ගැනිමටයි. එක් රටකට පැමිණෙන පිරිසක් තමන් පැමිණි රටේ ජන විඥානය හදුනා ගන්න ජනකතා එක්රෑස් කරන ලදි. ජර්මනියේ ග්‍රිම් සොහොයුරන් එක්රෑස් කරන ලද ජනකතා මුලින්ම හදුන්වන ලද්දේ සුරංගනා කතා ලෙසයි. සුරංගනා කතා විශේෂයක් ලෙස අධ්‍යනය කරන ලදී. සුරංගනා කතා කුඩා දරැවන් විශ්මය ජනක ලොකයකට ගෙන යන කතා වේ. මේ පිළිබද මාග්‍රර්ට් මීඩ් නම් මානව විද්‍යාඥවරිය පවසා ඇත්තේ සිත් ගන්නා සුළු සිද්ධින් යහපත් ‍ලෙස ගොඩනැගි ඇත්තේ කතාන්දර ස්වරෑපයෙන් හා නිර්මාණාශිලි සන්නිවේදනය ඔස්සේ බවයි. බිහිසුණු ගති පැවතුම් ඇති මිනිසෙක් යකෙකුට සමාන කර ගොතන කතා පොදු මානව නිර්මාණ සම්ප්‍රදායක් ලෙස දැක ගත හැකිවේ. ලෝකයේ පුරාම ප්‍රචලිත කොහොල්ලෑ බබාගේ කතාව ඉංග්‍රිසියෙන් හසුන්වා ඇත්තේ තාර බබාගේ කතාව ලෙසින් අප්‍රිකානු කලාපයේ හදුන්වන්නේ ඇලෙන පඹයාගේ කතාව ලෙසයි. පංචායුධ ජාතකයේ කියවෙන්නෙද මෙ කතාවමයි. මානව කණ්ඩායම් කිහිපයක් අතර නිර්මාණය වු එක සමාන කතාව විවිධ ප්‍රයොජන ගැනිමට ඒ ඒ සමාජ භාවිතයට ගන්න බව හදුනා ගත හැකිය. මෙම කතාව එක මානව කණ්ඩායමක් විරයෙක් මවා පෙන්විමටත් අවවාදයක් කිරිමටත් උපහාසය දනවන්නටත් යොදා ගැනිමට පුළුවනි.   ‍ ‍‍‍‍‍‍‍

              ඊසොප් කතා

              ග්‍රීසියේ ඊසොප් කතා ද ජනකතා විශේෂයක් ලෙස හදුන්වනු ලැබේ. එවා සළකන්නේ උපමා කතා ලෙසයි. ඇතැම් ඊසොප් කතා වෛදික යුගයේත් බුද්ධ කාලයේත් ප්‍රචලිතව තිබු එවා බව සාහිත්‍ය අධ්‍යනයෙන් හදුනා ගත හැක. බොහෝ ජනකතා නිර්නාමිකව පැවති අතර පසු කාලීනව එවා එක්රෑස් කල අය අතින් ජනකතා නවතාවයකට ලක් වුණි. මෙවා ජනකතා සංග්‍රහ බවට පත් වුණි. මෙම ජනකතා රැස් කළ පුද්ගලයන් ලෙස,

v  අප්‍රිකානු කලාපයේ ජනකතා - හැරල්ඩ් කුර්ලැන්ඩර්
v  ආසියාවේ බෞද්ධ හා හින්දු ජනකතා - ‍ජොසප් ජේකොබ්ස්
v  ජගත් ජනකතා - ලෆ්කේඩ්කෝ හාර්න්
v  සිංහල ජනකතා මාලාව - හෙන්රි පාකර්

               සෙන් කතා

               සෙන් කතා ‍සාම්ප්‍රධායික ආගමික ඥන දායාදයකි. සෙන් කතා යනු ධ්‍යාන කතා විශේෂයක් ලෙස හැදින්වේ. ආගමික චින්තනය සාම්ප්‍රදායික නිර්මාණාත්මක රීතියට හැරවිමේ දී සෙන් කතා වැදගත්වේ. සෙන් කතා චීනයේ හා ජපානයහි පැතිර ගොස් ඇත. සෙන් කතා ඔස්සේ දාර්ශණික සදාචාරාත්මක තාර්කික පාඩම් ඉගෙන ගත හැක. ජිවිතය හා යථාර්ථය අවබෝධයට වැදගත්වේ. සෙන් කතා බහුතරයක් සරල එවා වන අතර එයින් ගැඹුරැ අර්ථයක් සන්නිවේදනයවේ.
උදාහරණයක් ලෙස ප්‍රසිද්ධ සෙන් කතාවක් වන යුවතිය කතාව හැදින්විය හැක. භික්ෂුන් දෙදෙනෙක් ගමනක් යන අතර තුර ඔවුන් ගිය මාර්ගයෙ දී විශාල මඩවලකින් එගොඩ විමට නොහැකිව කාන්තාවක් සිටි එක් භික්ෂුවක් එම කාන්තාව ඔසවාගෙන එගොඩින් තබන ලදී. අනෙක් භික්ෂුව කාන්තාව ඔසවාගෙන යාම වැරදි බවට චෝදන කරයි. එවිට අනෙක් භික්ෂුව පවසන්නේ ඔබ තවමත් ඇය ඔසවාගෙන මඩගොඩේ සිටිනවා ද මම නම් ඇය එතනම බිම දමා ආ බවයි.  මෙවැනි සෙක් කතා තුළ බහුලව දැක ගත හැක්කේ නිර්මාණාත්මක සන්නිවේදන ලක්ෂණයි.

             අරබි නිසොල්යාසය

            එක්දහස් එක් රෑය ලෙස හැදින්වෙන අරාබි නිසොල්යාසය කතා එක් සංස්කෘතියකට සිමා වු කතාවන් නොව සංස්කෘතින් රැසකගේ අත්දැකිම් සමුදායක්  වේ. මේ කතා වල වැඩි වශයෙන් දැක ගත හැක්කේ කුඩා මිනිසාගේ වික්‍රමය පිළිබදවයි.
උදාහරණ  : ඇලඩින් හා පුදුම පහන 
                   අලි බබා හා හොරැ හතලිහ

මෙම කතා තුළ බාහිර රාමුවක් මෙන්ම අභ්‍යන්තරික රාමුවක් ද දැකගත හැක. අරාබි නිසොල්යාසයේ කතා නිර්මාණාත්මක සන්නිවේදන ලක්ෂණ සහිත කතා කලාවකි.


 තමාෂා ගුණරත්න





No comments:

Post a Comment