අප්පච්චියි අම්මයි මමයි
මල්ලිලා දෙන්නයි නංගී ජීවත් වුනේ සුන්දර අනුරාධපුරේ නිකවැරටිය කියන ගමේ ආර්ථක
අපහසුතා මැද්දේ උනත් අපි ගත කරපු ජීවිතේ හරිම සුන්දරයි. වැවයි දාගැබයි ගමයි
පන්සලයි එක්ක අපිට තිබ්බේ ලොකු සම්බන්ධතාවයක්. ලස්සන සුන්දර ජීවිතයක් ගත කරපු අපේ
පවුලට එකපාරටම හෙන ගහන්නා වගේ උනා. යසට හිටපු අපේ අප්පච්චිට අන්සභාගේ හැදුනේ මට
අවුරැදු දහනවයක් පිරෙනවත් එක්කමයි. පවුලේ වැඩිමලා විදියට මල්ලිල දෙන්නගෙයි
නංගිගේයි ඉගෙනිම කඩකප්පල් වෙනව බලන් ඉන්න මට බැරිවුණා. අම්මටත් හරි හැටි වැඩපලක්
කර ගන්න ශක්තියක් තිබ්බේ නෑ. ඒ හන්ද මන් තිරණය කළේ කොළඹ රස්සාවකට යන්න. අපේ ගමට
එහා ගමේ යසෝමා අක්ක වැඩකලේ කොළඹ ලොකු ගාමන්ට් එකක. මම යසෝම අක්කලගෙ ගෙදරට ගිහින්
පියසිලි නැන්දත් එක්ක මේ කාරනේ කිවුවහම නැන්ද අක්ක නැවතිලා ඉන්න බොඩිම තියන තැන
ඇඩ්ඩ්‍රස් එක කොළ කැල්ලක ලියල දුන්න.
මම සතියකට පස්සේ ලොකු
මාමත් එක්ක කොළඹ යන්න හන්දියට ගිහින් බස් එක අල්ල ගත්ත. බස් එකේ අයිනේ සීට් එකේ
වාඩි වුණු මට බස් එක කොළඹ යන්න අද්දද් දී දැනුනේ කියාගන්න බැරි වේදනාවක්. මගේ ඇස්
දෙකෙන් කදුළු ගලන්න වුණා එත් මම හිත හදා ගත්තා. මගක් යද්දි මගේ ඇස් දෙක ඉබේම
පියවුනා. ආපහු ඇස් ඇරල බලද් දී ලොකු ලොකු
ගොඩනැගිලි වාහන කලබලකාරි මිනිස්සු කඩි ගුලක් ඇවිස්සිල වගේ එහෙට මෙහෙට දුවනවා.
“කොටුව බහින්න..... කොටුව බහින්න....“
කොන්දෙස්තර මහත්තය කිවුවා.
පියසීලි නැන්ද දුන්න
ඇඩ්ඩ්‍රස් එකේ තිබ්බ හැටියට පිටකොටුවෙන් අපිත් දඩි බිඩි ගලා බැහැ ගත්ත. නැන්ද දීපු
ඇඩ්ඩ්‍රස් එක තියන තැන හොයන් අමාරැවෙන්
එතැනට ගියේ. එතනට ගිහින් අපි ඇහුව යසෝම අක්ක ගැන.
‘‘යශෝ ඔයා හොයන්
කවුද ඇවිල්ල ඉන්නවා.. ”
අපි දිහා අමුතුවෙන්
මෙන් බැලු කවුද දඩි මහත කොට කලිසමක් ඇදගත්තු ගැනියෙක් කියනවා මට ඇහුනා. මමයි ලොකු
මාමයි මුහුණට මුහුණ බලාගත්තේ අපි ආවේ වැරදි තැනටවත් දේ කියන සැකෙන්. ටික වෙලාවක්
යද්දි අපි හිටන් හිටපු දොරකඩට රතු පාටින් තොල් සායන් කරපු කොණ්ඩේ දුඹුරැ පාට
කරගත්තු වියතක් විතර සායක් ඇදගත්තු කෙනෙක් අපි ඉස්සරහින් හිට ගත්තා. මම ටික
වෙලාවක් ගොළුවෙක් වගේ හිටියේ අදහගන්න බැරි වුණ තැනයි.
‘‘ශාමලි නංගි
ඔයා.... ”
‘‘මාමේ එන්න
ඇතුළට ”
‘‘නංගියේ එන්ඩ
එන්ඩ ” මට හුස්ම වැටුණේ ඒ වේලේ.
‘‘ශාමලි ඇතුළට
යමන් ” කියල මාමා කිවුවා.
‘‘යසෝම අක්කව
දැක්කහම මට අදහන්නත් බැරැව ගියා ගමේ හිටියට වඩා අක්ක වෙනස් වෙලා ” මම කිවුවා.
‘‘ඔව් නංගියේ මම
කොළඹටත් ඇවිත් දැන් අවුරැදු දෙකකටත් කිට්ටුයි. ගමට ආවෙත් දෙතුන් සැරයයි. නංගිල
හම්බවුනේම නැනේ. අපේ අම්ම ලියුමක් එවල තිබුණ නංගි එනවායි කියල. නංගිට අපේ බොඩිමේ
ටික දවසකට නතර වුන හැකි. ”
මාමාත් එදා රෑ අපි එක්ක ගත
කරල පහුවදා උදේම ගමට පිටත් වුණේ පාන්දර හතරේ බස් එකේ. යසෝම අක්ක මාව එදාම එයා
වැඩකරන ගමන්ට් එකට එක්කන් ගියා. මට එතන ඔෆිස් එකේ රස්සාවක් හම්බවුණා. සාරියක්
පටලගෙන පහුවෙදා ඉදන් මන් රස්සාවට ගියා. වයිවාරන ඇදුම් පැළදුම් ඇදගත්තු ගැහැණු
පිරිමි මන් දිහා අමුතු විදිහකට බලනව වගේ මට තේරැණා. මම රස්සාවට ගියපු පළවෙනි දවසේ
හිතුවා මට මේ කොළඹ සංස්කෘතියේ ඉන්න මිනිස්සු එක්ක ඔට්ටු වෙන්න බෑරිවෙයි කියලා. ඒ
මිනිස්සුන්ගේ කතා බහ ඇදුම් පැළදුම් කෑම බීම හැසිරීම ගමෙන් ආපු මට නුහුරැ බවක්
ගෙනාවා.
එත් ගමේ ඉන්න
අප්පච්චිගේයි අම්මගෙයි මල්ලිලා දෙන්නගෙයි නංගීගෙයි අසරණ මුහුණු මතක් වෙද්දී මන්
හිතා ගත්ත හුරැපුරැදු නැති සංස්කෘතියක් වුණත් මං මේ සංස්කෘතියත් එක්ක ඔට්ටු වෙන්න
ඔනේ කියලා. කාලයක් යද්දී මමත් කොළඹ විදිහට හැඩ ගැහෙන්න පටන් ගත්තා. ගමේ වෙල්
ඉපනැල්ලේ දුව ඇවිදමින් ගමේ සංස්කෘතියත් එක්ක ජිවිත් වුන මම නගරේ ජිවන රටාවට
හුරැවෙන්න පටන් ගත්තා. එත් මට ගමේ දී තිබ්බ පෙලක් හුරැ පුරැදු අතහරින්න බැරිව ගියා.
ගමේ ඉදන් ආපු යසෝම අක්ක කොළඹ දී යශෝ වුණා. ගමේ ශාමලී වුන මම කොළඹ දී ශාමා වුනේ
මටත් නොදනිම කියල මට දැන් හිතේනවා.
තමාෂා ගුණරත්න
Great...👍
ReplyDelete