Sunday, May 12, 2019
Friday, May 10, 2019
විදේශිය රට වල පවතින ජනකතා හා සන්නිවේදනර්ථ
ජනකතා යනු පොදු බුද්ධිමය දේපළක්
මෙන්ම මානව කණ්ඩායම් මෙහෙයවිය හැකි බලවේගයක් වේ. මැක්ස් මියුලර් නම්
පඩිවරයා භාරතිය ජනකතා ගැන සදහන් කරමින් ප්‍රකාශ කලේ ජනකතාව ජනමතය හෙළි කරන ඥාන
කැඩපත බවයි. රට රටවල විසිරි තිබෙන විවිධ වර්ගයන්ට අයත් ජනකතා එක්රැස් කිරිම ප්‍රාථමික
සාහිත්‍ය අධ්‍යනයේ එක් ප්‍රධාන පියවරක් විය. මෙසේ සිදු කළේ දේශාන්තර අවබෝධයක් ලබා
ගැනිමටයි. එක් රටකට පැමිණෙන පිරිසක් තමන් පැමිණි රටේ ජන විඥානය හදුනා ගන්න ජනකතා
එක්රෑස් කරන ලදි. ජර්මනියේ ග්‍රිම් සොහොයුරන් එක්රෑස් කරන ලද ජනකතා මුලින්ම
හදුන්වන ලද්දේ සුරංගනා කතා ලෙසයි. සුරංගනා කතා විශේෂයක් ලෙස අධ්‍යනය කරන ලදී.
සුරංගනා කතා කුඩා දරැවන් විශ්මය ජනක ලොකයකට ගෙන යන කතා වේ. මේ පිළිබද මාග්‍රර්ට්
මීඩ් නම් මානව විද්‍යාඥවරිය පවසා ඇත්තේ සිත් ගන්නා සුළු සිද්ධින් යහපත් ලෙස
ගොඩනැගි ඇත්තේ කතාන්දර ස්වරෑපයෙන් හා නිර්මාණාශිලි සන්නිවේදනය ඔස්සේ බවයි.
බිහිසුණු ගති පැවතුම් ඇති මිනිසෙක් යකෙකුට සමාන කර ගොතන කතා පොදු මානව නිර්මාණ
සම්ප්‍රදායක් ලෙස දැක ගත හැකිවේ. ලෝකයේ පුරාම ප්‍රචලිත කොහොල්ලෑ බබාගේ කතාව ඉංග්‍රිසියෙන්
හසුන්වා ඇත්තේ තාර බබාගේ කතාව ලෙසින් අප්‍රිකානු කලාපයේ හදුන්වන්නේ ඇලෙන පඹයාගේ
කතාව ලෙසයි. පංචායුධ ජාතකයේ කියවෙන්නෙද මෙ කතාවමයි. මානව කණ්ඩායම් කිහිපයක් අතර
නිර්මාණය වු එක සමාන කතාව විවිධ ප්‍රයොජන ගැනිමට ඒ ඒ සමාජ භාවිතයට ගන්න බව හදුනා
ගත හැකිය. මෙම කතාව එක මානව කණ්ඩායමක් විරයෙක් මවා පෙන්විමටත් අවවාදයක් කිරිමටත්
උපහාසය දනවන්නටත් යොදා ගැනිමට පුළුවනි.
ඊසොප් කතා
ග්‍රීසියේ ඊසොප් කතා ද ජනකතා
විශේෂයක් ලෙස හදුන්වනු ලැබේ. එවා සළකන්නේ උපමා කතා ලෙසයි. ඇතැම් ඊසොප් කතා වෛදික
යුගයේත් බුද්ධ කාලයේත් ප්‍රචලිතව තිබු එවා බව සාහිත්‍ය අධ්‍යනයෙන් හදුනා ගත හැක.
බොහෝ ජනකතා නිර්නාමිකව පැවති අතර පසු කාලීනව එවා එක්රෑස් කල අය අතින් ජනකතා
නවතාවයකට ලක් වුණි. මෙවා ජනකතා සංග්‍රහ බවට පත් වුණි. මෙම ජනකතා රැස් කළ පුද්ගලයන්
ලෙස,
v අප්‍රිකානු
කලාපයේ ජනකතා - හැරල්ඩ් කුර්ලැන්ඩර්
v ආසියාවේ
බෞද්ධ හා හින්දු ජනකතා - ජොසප් ජේකොබ්ස්
v ජගත් ජනකතා
- ලෆ්කේඩ්කෝ හාර්න්
v සිංහල ජනකතා
මාලාව - හෙන්රි පාකර්
සෙන් කතා
සෙන් කතා සාම්ප්‍රධායික ආගමික ඥන
දායාදයකි. සෙන් කතා යනු ධ්‍යාන කතා විශේෂයක් ලෙස හැදින්වේ. ආගමික චින්තනය සාම්ප්‍රදායික
නිර්මාණාත්මක රීතියට හැරවිමේ දී සෙන් කතා වැදගත්වේ. සෙන් කතා චීනයේ හා ජපානයහි
පැතිර ගොස් ඇත. සෙන් කතා ඔස්සේ දාර්ශණික සදාචාරාත්මක තාර්කික පාඩම් ඉගෙන ගත හැක.
ජිවිතය හා යථාර්ථය අවබෝධයට වැදගත්වේ. සෙන් කතා බහුතරයක් සරල එවා වන අතර එයින්
ගැඹුරැ අර්ථයක් සන්නිවේදනයවේ.
උදාහරණයක්
ලෙස ප්‍රසිද්ධ සෙන් කතාවක් වන යුවතිය කතාව හැදින්විය හැක. භික්ෂුන්
දෙදෙනෙක් ගමනක් යන අතර තුර ඔවුන් ගිය මාර්ගයෙ දී විශාල මඩවලකින් එගොඩ විමට නොහැකිව
කාන්තාවක් සිටි එක් භික්ෂුවක් එම කාන්තාව ඔසවාගෙන එගොඩින් තබන ලදී. අනෙක් භික්ෂුව
කාන්තාව ඔසවාගෙන යාම වැරදි බවට චෝදන කරයි. එවිට අනෙක් භික්ෂුව පවසන්නේ ඔබ තවමත් ඇය
ඔසවාගෙන මඩගොඩේ සිටිනවා ද මම නම් ඇය එතනම බිම දමා ආ බවයි. මෙවැනි සෙක් කතා තුළ බහුලව දැක ගත හැක්කේ
නිර්මාණාත්මක සන්නිවේදන ලක්ෂණයි.
අරබි නිසොල්යාසය
එක්දහස් එක්
රෑය ලෙස හැදින්වෙන අරාබි නිසොල්යාසය කතා එක් සංස්කෘතියකට සිමා වු කතාවන් නොව
සංස්කෘතින් රැසකගේ අත්දැකිම් සමුදායක් වේ.
මේ කතා වල වැඩි වශයෙන් දැක ගත හැක්කේ කුඩා මිනිසාගේ වික්‍රමය පිළිබදවයි.
උදාහරණ :
ඇලඩින් හා පුදුම පහන
අලි බබා හා හොරැ හතලිහ
මෙම කතා තුළ බාහිර රාමුවක් මෙන්ම අභ්‍යන්තරික
රාමුවක් ද දැකගත හැක. අරාබි නිසොල්යාසයේ කතා නිර්මාණාත්මක සන්නිවේදන ලක්ෂණ සහිත
කතා කලාවකි.
Thursday, May 9, 2019
Tuesday, May 7, 2019
නිකවැරටියෙන් කොළඔට....
අප්පච්චියි අම්මයි මමයි
මල්ලිලා දෙන්නයි නංගී ජීවත් වුනේ සුන්දර අනුරාධපුරේ නිකවැරටිය කියන ගමේ ආර්ථක
අපහසුතා මැද්දේ උනත් අපි ගත කරපු ජීවිතේ හරිම සුන්දරයි. වැවයි දාගැබයි ගමයි
පන්සලයි එක්ක අපිට තිබ්බේ ලොකු සම්බන්ධතාවයක්. ලස්සන සුන්දර ජීවිතයක් ගත කරපු අපේ
පවුලට එකපාරටම හෙන ගහන්නා වගේ උනා. යසට හිටපු අපේ අප්පච්චිට අන්සභාගේ හැදුනේ මට
අවුරැදු දහනවයක් පිරෙනවත් එක්කමයි. පවුලේ වැඩිමලා විදියට මල්ලිල දෙන්නගෙයි
නංගිගේයි ඉගෙනිම කඩකප්පල් වෙනව බලන් ඉන්න මට බැරිවුණා. අම්මටත් හරි හැටි වැඩපලක්
කර ගන්න ශක්තියක් තිබ්බේ නෑ. ඒ හන්ද මන් තිරණය කළේ කොළඹ රස්සාවකට යන්න. අපේ ගමට
එහා ගමේ යසෝමා අක්ක වැඩකලේ කොළඹ ලොකු ගාමන්ට් එකක. මම යසෝම අක්කලගෙ ගෙදරට ගිහින්
පියසිලි නැන්දත් එක්ක මේ කාරනේ කිවුවහම නැන්ද අක්ක නැවතිලා ඉන්න බොඩිම තියන තැන
ඇඩ්ඩ්‍රස් එක කොළ කැල්ලක ලියල දුන්න.
මම සතියකට පස්සේ ලොකු
මාමත් එක්ක කොළඹ යන්න හන්දියට ගිහින් බස් එක අල්ල ගත්ත. බස් එකේ අයිනේ සීට් එකේ
වාඩි වුණු මට බස් එක කොළඹ යන්න අද්දද් දී දැනුනේ කියාගන්න බැරි වේදනාවක්. මගේ ඇස්
දෙකෙන් කදුළු ගලන්න වුණා එත් මම හිත හදා ගත්තා. මගක් යද්දි මගේ ඇස් දෙක ඉබේම
පියවුනා. ආපහු ඇස් ඇරල බලද් දී ලොකු ලොකු
ගොඩනැගිලි වාහන කලබලකාරි මිනිස්සු කඩි ගුලක් ඇවිස්සිල වගේ එහෙට මෙහෙට දුවනවා.
“කොටුව බහින්න..... කොටුව බහින්න....“
කොන්දෙස්තර මහත්තය කිවුවා.
පියසීලි නැන්ද දුන්න
ඇඩ්ඩ්‍රස් එකේ තිබ්බ හැටියට පිටකොටුවෙන් අපිත් දඩි බිඩි ගලා බැහැ ගත්ත. නැන්ද දීපු
ඇඩ්ඩ්‍රස් එක තියන තැන හොයන් අමාරැවෙන්
එතැනට ගියේ. එතනට ගිහින් අපි ඇහුව යසෝම අක්ක ගැන.
‘‘යශෝ ඔයා හොයන්
කවුද ඇවිල්ල ඉන්නවා.. ”
අපි දිහා අමුතුවෙන්
මෙන් බැලු කවුද දඩි මහත කොට කලිසමක් ඇදගත්තු ගැනියෙක් කියනවා මට ඇහුනා. මමයි ලොකු
මාමයි මුහුණට මුහුණ බලාගත්තේ අපි ආවේ වැරදි තැනටවත් දේ කියන සැකෙන්. ටික වෙලාවක්
යද්දි අපි හිටන් හිටපු දොරකඩට රතු පාටින් තොල් සායන් කරපු කොණ්ඩේ දුඹුරැ පාට
කරගත්තු වියතක් විතර සායක් ඇදගත්තු කෙනෙක් අපි ඉස්සරහින් හිට ගත්තා. මම ටික
වෙලාවක් ගොළුවෙක් වගේ හිටියේ අදහගන්න බැරි වුණ තැනයි.
‘‘ශාමලි නංගි
ඔයා.... ”
‘‘මාමේ එන්න
ඇතුළට ”
‘‘නංගියේ එන්ඩ
එන්ඩ ” මට හුස්ම වැටුණේ ඒ වේලේ.
‘‘ශාමලි ඇතුළට
යමන් ” කියල මාමා කිවුවා.
‘‘යසෝම අක්කව
දැක්කහම මට අදහන්නත් බැරැව ගියා ගමේ හිටියට වඩා අක්ක වෙනස් වෙලා ” මම කිවුවා.
‘‘ඔව් නංගියේ මම
කොළඹටත් ඇවිත් දැන් අවුරැදු දෙකකටත් කිට්ටුයි. ගමට ආවෙත් දෙතුන් සැරයයි. නංගිල
හම්බවුනේම නැනේ. අපේ අම්ම ලියුමක් එවල තිබුණ නංගි එනවායි කියල. නංගිට අපේ බොඩිමේ
ටික දවසකට නතර වුන හැකි. ”
මාමාත් එදා රෑ අපි එක්ක ගත
කරල පහුවදා උදේම ගමට පිටත් වුණේ පාන්දර හතරේ බස් එකේ. යසෝම අක්ක මාව එදාම එයා
වැඩකරන ගමන්ට් එකට එක්කන් ගියා. මට එතන ඔෆිස් එකේ රස්සාවක් හම්බවුණා. සාරියක්
පටලගෙන පහුවෙදා ඉදන් මන් රස්සාවට ගියා. වයිවාරන ඇදුම් පැළදුම් ඇදගත්තු ගැහැණු
පිරිමි මන් දිහා අමුතු විදිහකට බලනව වගේ මට තේරැණා. මම රස්සාවට ගියපු පළවෙනි දවසේ
හිතුවා මට මේ කොළඹ සංස්කෘතියේ ඉන්න මිනිස්සු එක්ක ඔට්ටු වෙන්න බෑරිවෙයි කියලා. ඒ
මිනිස්සුන්ගේ කතා බහ ඇදුම් පැළදුම් කෑම බීම හැසිරීම ගමෙන් ආපු මට නුහුරැ බවක්
ගෙනාවා.
එත් ගමේ ඉන්න
අප්පච්චිගේයි අම්මගෙයි මල්ලිලා දෙන්නගෙයි නංගීගෙයි අසරණ මුහුණු මතක් වෙද්දී මන්
හිතා ගත්ත හුරැපුරැදු නැති සංස්කෘතියක් වුණත් මං මේ සංස්කෘතියත් එක්ක ඔට්ටු වෙන්න
ඔනේ කියලා. කාලයක් යද්දී මමත් කොළඹ විදිහට හැඩ ගැහෙන්න පටන් ගත්තා. ගමේ වෙල්
ඉපනැල්ලේ දුව ඇවිදමින් ගමේ සංස්කෘතියත් එක්ක ජිවිත් වුන මම නගරේ ජිවන රටාවට
හුරැවෙන්න පටන් ගත්තා. එත් මට ගමේ දී තිබ්බ පෙලක් හුරැ පුරැදු අතහරින්න බැරිව ගියා.
ගමේ ඉදන් ආපු යසෝම අක්ක කොළඹ දී යශෝ වුණා. ගමේ ශාමලී වුන මම කොළඹ දී ශාමා වුනේ
මටත් නොදනිම කියල මට දැන් හිතේනවා.
තමාෂා ගුණරත්න
Wednesday, May 1, 2019
ජාල න්‍යාය හා ජාල සමාජය
ජාල න්‍යාය යනු වවික්ත
වස්තුන් අතර අසමමිතික සබදතා සමමිතික හෝ වඩාත් පොදුවේ නිරෑපණය වන ලෙස ප්‍රස්ථාර
පිළිබද අධ්‍යනය කිරීමයි. පරිගණක විද්‍යාව හා පරිගණක ජාල විද්‍යාව ජාල න්‍යායේ ප්‍රස්තාරික
න්‍යාය කොටසක් වේ. ජාල නෝඩි සහ දාර ගුණාංග
තුළ ඇති ප්‍රස්තාරයක් ලෙස අර්ථ දැක්විය හැකිය. ජාල න්‍යාය සංඛ්‍යානමය භෞතික විද්‍යාව, අංශු භෞතික විද්‍යාව, පරිගණක විද්‍යාව, විදුලි ඉංජිනේරැ විද්‍යාව, ජීව විද්‍යාව, ආර්ථික විද්‍යාව, මුල්‍ය මෙහෙයුම් පර්යේෂණ දේශගුණ හා සමාජ විද්‍යාව ඇතුළු බෝහෝ
විෂයන් හී ඇතුළත් වී ඇත. ජාල න්‍යායයේ අයදුම්පත් සැපයුම් ජාල ලෙස ලෝක ව්‍යාප්ත
වෙබි අඩවි අන්තර්ජාල ජාල නියාමන ජාල පරිවෘත්තීය
ජාල සමාජ ජාල ඥාන විභාගාත්මක ජාල ආදිය හැදින්විය හැක.
ජාල න්‍යාය යන්න සමාජ ජාලයන් මානවයා කෙරෙහි සහ මානව
සමාජය කෙරෙහි බලපානු ලබන ආකාරය අධ්‍යනය කරනු ලබන න්‍යායක් ලෙස ද පෙන්වා දිය හැකිය.
මෙහි අරමුණ වන්නේ මිනිසා සහ ජාල අතර පවතින සමිබන්ධතාව විද්‍යාත්මකව පරික්ෂා කරමින්
විස්තර කිරිමයි. ජාල න්‍යාය සංඛ්‍යානමය, භෙෘතික විද්‍යාව, ජීව විද්‍යාව, අංශු භෙෘතික
විද්‍යාව, පරිගණක විද්‍යාව, විදුලි ඉංජිනේරැ විද්‍යාව, ජීව විද්‍යාව, ආර්ථික විද්‍යාව
හා සමාජිය විද්‍යා සමග සම්බන්ධතා දක්වන සංකල්පයකි. ජාල න්‍යාය ප්‍රශ්න හා සබධතා
අනුව සමාජීය සබධතා දෙස බලන න්‍යායකි.
මෙම ජාල න්‍යාය
ගෝලීයකරණය හා සම්බන්ධ කර අවධානය යොමු කිරිමේ දී ගෝලීය ජාලය යනු පෘථිවියම යා කරන ඕනෑම ගෝලීය ජාලයකි. පළමු ගෝලීය ජාලය විදුලි පණිවුඩ
හා ගෝලීය කාලයක් භාවිතා කර 1899 දී ස්ථාපිත කර ඇත. වඩාත් මෑතකදී අන්තර් සම්බන්ධිත
IP ජාල සහ GSM ජංගම සන්නිවේදන
ජාලය සියලු විශාලතම ගෝලීය ජාල සාදයි. ගෝලීය ජාල සකස් කිරිම දශක ගණනාවක් තිස්සෙ පවතින
වියදම් අධික සහ දිගු උත්සහයක අවශ්‍යතාවයකි.
ගොලිය ජාල ප්‍රධාන
කොටස් දෙකකට බෙදේයි.
· ජංගම රෑහැන් රහිත ජාල
සන්නිවේදන චන්ද්‍රිකා ගෝලීය
ජාලවල වැදගත්ම කොටසකි. මේ හරහා VAST තාක්ෂණය භාවීතා
කරමින් අන්තර්ජාලයට ප්‍රවේශ වීමට හැකියව ලැබි ඇත ජංගම රැහැන් රහිත ජාල වර්තමානය වන
විට ගෝලීය ජංගම දුරකථන වෙළදපොළ 80% ක් GSM සම්මත රටවල්
හා ප්‍රදේශ 212 කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරයි.
ජාල සමාජයක් යනු සමාජීය
දේශපාලන ආර්ථික සහ සංස්කෘතික වශයෙන් වෙනස්විමි වලට ලක්වෙමින් පැතිරිගිය ඩිජිටල්
තොරතුරැ සහ සන්නිවේදන තාකෂණයන් සහිත ජාලයකින් යුක්ත සමාජයකි. වර්ථමාන සමාජය
සන්නිවේදන තාක්ෂණයන් සහිතජාලයකින් යුක්ත සමාජයකි. වර්ථමාන සමාජය සන්නිවේදනය කරනු
ලබන්නේ මේ ජාල සමාජය තුළ සිටයි.මෙය 1981 නිර්මාණ
වුවකි. බුද්ධිමය සම්භාවය සහයෝගිතාවය සංවිධාන නිෂ්පාදනය හා අත්දැකිම් නවිකරණය හා
කාර්මිකරණය මේ සදහා හේතු විය. කාලින සමාජය තුළ ජාල සමාජය පිළිබද සාකච්ඡා කරන ලද්දේ
MANUWEL CASTELLS විසිනි. එමෙන්ම VAN DIJK ද තම කෘතිය තුළ ජාල සමාජය පිළිබද සාකච්ඡා කොට ඇත.
CASTELLS අනුව ජාල අපගේ නව සමාජ රෑප විද්‍යාව සංස්ථපනය
කරයි. ඔහු පැවසුවේ ප්‍රධාන සමාජ ව්‍යුහයන් සහ ක්‍රියාකාරකම් තොරතුරැ ජාල සකස් කරන
ලද ඉලෙක්ටොනිකයක් වටා සංවිධානය වී සිටින සමාජයක් බවයි. සමාජ ජාල ඉතා පැරණි සමාජ
සංවිධානයක්වේ.සමාජ ජාල මගින් තොරතුරැ කළමණාකරනය සිදු කරන අතර ඒ සදහා කෂද්‍ර
ඉලෙක්ටොනික තාකෂණයන් භාවිතා කරයි. ජාල නුතන සමාජයේ ප්‍රධාන ඒකකය බවට පත්ව ඇත.
CASTELLS ට අනුව එය තනිකරම නවින සමිජයක් පමනක් නොව එමෙන්ම ඔහු
පවසන්නේ ජාලබ සමාජය සංස්කෘතික ආර්ථික හා දේශපාලන සාධක නිර්වචය කරන ආකාරයක
තාක්ෂණයක් නොවන බවයි. ජාල සමාජය තුළ ජාල සංවිධන ආකෘති පත්‍ර සමාජ ව්‍යුහය
හැඩගැස්විමට තොරතුරැ සමකාලින සමාජයේ ද්වාරයක් සකසන බව VAN DIJK පවසයි. ජාල සජය සදහා CASTELL ගේ දර්ශණ ප්‍රවාහය
අවකාශය කේන්ද්‍රය භුමිකාවක් ඉටු කරයි. CASTELLS ජාල මත
පවතින බලය හා වැදගත්කම ගෝලීය නගර වලට පමණක් සිමා කල යුතු බවට තර්ක කරයි. මෙම
ධුරාවලිය අනෙක් මහාචාර්යවරැන්ගේ මතයෙන් වෙනස්වේ.
ගෝලීයකරණය සමාජ ඇගවිමේ අර්ථ
නිරැපණය කිරිම සදහා හා සමාජයේ සංකල්පය හා ඉතා සමිපවේ. ජාල සමාජයේ අර්ථ දැක්විම
සිදු කරන MANUWEL CASTELLS විසින් එය සිය සමාජ ව්‍යුහය ක්ෂද්‍ර ඉලෙක්ටොනික මත පදනම් තොරතුරැ හා
සන්නිවේදන තාක්ෂණය මගින් සවිබල ජාල ඇති සමාජයක් බව පෙන්වා දී ඇත. ජාල සමාජය
තාක්ෂණය භාවිතය සමාජ සබධතා නව ආකාරයෙන් නිර්මාණය කිරිමට හා පවත්වා ගැනීමට උපකාරී
වන ප්‍රධාන සාධකයකි. CASTELLS ඔහුගේ කෘතියේ පෙන්වා දෙන
පරිදි ඓතිහාසිකව සෑම විටම සමාජ ජාලගත වී ඇත. CASTELLS ට
අනුව ක්‍රියාවලින් තුනක් 20 සියවසේ අගභාගයේ දී මෙම සමාජ ව්‍යුහය ඉස්මතු කිරිමට
හේතු වී ඇත.
- විවෘත වෙළදපොළ ප්‍රවේශයකට අවශය්‍ය පහසුකම් සදහා
- කාර්මික නිදහස හා සංස්කෘතික, සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර ඇති විම (1960 අගභාගයේ හා 1970 ගණන් තුළ)
- තොරතුරැ සන්නිවේදන තාක්ෂණ විප්ලවය
මෙම ක්‍රියාවලියන් තුන හී ඇති
වැදගත්කම පිළිබද CASTELLS විශ්ලේෂණය පිළිබද
සාකච්චා කරයි. එය පුළුල් ඓතිහාසික සන්දර්බයක් සපයයි. ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ
දී එය ජාතික රාජ්‍ය දුර්වල හා ගැඹුරැ අතට පත් කිරිමටත් වෙළදපොළ සංවර්ධන සුසමාදර්ශ
ඉස්මතු කිරිමටත් කොන්දේසි නිර්මාණය කළ බව පවසයි. ඔවුන් මානව හිමිකම් පිළිබද අවධානය
යොමු කළ නිසා සංස්කෘතික ව්‍යාපාර වැදගත් වන්නට විය. මෙම සංස්කෘතික වෙනස මගින්
වැදගත් තනි ස්වාධිපත්‍ය සහ නිදහසේ වටිනාකම සන්නිවේදනය සදහා විවෘත ජාල ව්‍යුහය
සැකසිණි. CASTELLS අවසන් කරන විට නිදහස් සංස්කෘතිය අනෙක්
අතට ගෝලීයකරණය අනුව තම ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාත්මක කිරිමේ ව්‍යාපාර සදහා අත්‍යාවශය
යටිතල පහසුකම් ජාල තාක්ෂණය සැකසිමට තීරණාත්මක සාධක විය.
ලෝක ජනග්‍රහනයෙන් දළ වශයෙන්
විශල සංඛ්‍යාවක් අන්තර්ජාලය වෙත සම්බන්ධ වේ. අවම වශයෙන් හෝ අන්තර්ජාලය ජනතාවගේ
සන්නිවේදන හා ක්‍රියාකරන ආකාරය කෙරෙහි ගැඹුරැ බලපැමක් ඇතිකර තිබේ.
තමාෂා ගුණරත්න
Subscribe to:
Posts (Atom)