Monday, April 15, 2019

ආදරය ද මේ ( ගී විචාරය )

ගිමන් හරින දියඹ දිගේ
                                                   
             
                                නිර්මාණයක හා විචාරයක් අතර පවතින්‌‌‌නේ ගහක් පොත්තක් අතර පවතින සුවි‌ෙශේෂි  සම්බන්ධතාවයකි. විචාරය මගින් නිර්මාණයේ අර්ථය අනාවරණය කරමින් රසඥතාව යහමග යවයි. විචාරය ඔස්‌‌සේ නිර්මාණයක වටිනාකම හා සාරතාවය තීරණය කරනු ලබයි. 
                         ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙකු තිර රචකයෙකු විශේෂයෙන් ගී පද රචකයෙකු ලෙස ජානක සිරිවර්ධනයන් හැදින්විය හැක. ඔහු වර්ථමායේ ජනප්‍රය ටෙලි නාටයක් වන සිදු ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයායි. එමෙන්ම වර්ථමානයේ තරැණ පරම්පරාව අතර විශාල ජනප්‍රයත්වයකට පත් වු හන්තාන අඩවිය පාදක කර ගනිමින් සරසවි භුමියේ ඇදුරැවරයෙකු හා සරසවි ශිෂ්‍යාවක් අතර ගොඩනැගුණු ප්‍රේමයක් පාදක කර ගනිමින් නිර්මාණය වු ‘’හන්තාන සිහිනේ’’ ගීතයේ රචකයා ද ඔහුයි. විශේෂයෙන්ම මෑතකදී දෙරණ රෑපවාහිනි නාලිකාවේ විකාශය වු අග්නි ටෙලි නාටයයේ තිර රචකයා මෙන්ම තේමා ගීතය රචනා කරන ලද්දේ ද ජානක සිරිවර්ධනයන් විසිනි. 2013 වසරේ රාජය සංගීත සම්මාන උලෙළේ දී හොදම ගීත රචනා සදහා ජානක සිරිවර්ධන ඇගයිමට පාත්‍ර විය. ඒ අග්නි ටෙලි නාටයේ තේමා ගීතය වන පණ්ඩිත් අමරදේයන් විසින් ගායනා කරන ලද අරැණ ගුණවර්ධනයන් සංගීතවත් කල ගිමන් හරින දියඹ දිගේ ගීතය සදහායි.

                                    ආදරය යනු කොයි තරම් මිහිරි අත්දැකිමක් ද විටෙක සිත දැහැනින් වෙළෙන තවත් වියෙක සිතට විඩා ගෙනෙන මේ ලෝකයේ අප අවට වටපිටාව අපට කියා දෙන ඒ සොදුරැ ආදරය පිළිබද  ජානක සිරිවර්ධනයන්ගේ ගිමන් හරින දියඹ දිගේ ගී වැල් තුළින් කියා දේ. ආදරයේ ගැඹුර එහි ඇති මිහිර කොතරම් ද යන්න ගීතය රසවිදින්නන් ගේ සිත නොතැනලෙන සියුම් සරල සුන්දර පද මාලාවකින් සරසයි. ප්‍රේමය යනු සදාකාලිකවම ස්ථිරව පවතින්නක් නොවේ. එය ද අනේක් සෑම දෙයක් මෙන්ම වෙනස් වන්නකි. යෞවුන් වියෙහි ආදරය බිදිමෙන් ඇති වු විරහ වේදනාව මහලු වියේදී දැනෙන ආකාරය කියා පායි.

      ‘’ ගිමන් හරින දියඹ දිගේ
         සුසුම් හෙළන වෙරළ ඉමේ
         බැස යන හිරැ අඩිසි සදට 
         රහස් කියනවා                         
         සද ආදරයෙන් රටා මවනවා ‘’                           
                       
                                ප්‍රේමයේ මිහිරි බවත් විරහවත් පෙන්විම සදහා ජානක සිරිවර්ධනයන් පාරිසරික සංක්ත උපයෝගි කර ගනිමින් විරහවේදනාවෙන් සිටින ප්‍රේමවන්තයාගේ ශෝකි මනෝභාවයන් නිරැපණය කරයි. ගිමන් හරින දියඹ යනු වියෝ වු ප්‍රේමවන්තයායි. මේ වියෝ වු ප්‍රේමවන්තයා සුසුම් හෙළන්නේ ප්‍රේමය වෙනුවෙනි. වෙරළට පැමිණෙන වියෝ වු‍ ප්‍රේමවන්තයා තමන් හැරගිය ප්‍රේමවන්තිය පිළිබද සිතමින් සුසුම් හෙළයි. ප්‍රේමවන්තයා මෙසේ සුසුම් හෙළණුයේ තමන්ගේ හදවතේ තිබේන ප්‍රේමය ද තමන් වියකී යන අයුරින්ම වියකී යන නිසාවෙනි. එය ‘’බැස යන හිරැ’’ යන පදනයෙන් කියාපායි. එමෙන්ම හිරැ බැස යන්නේ අඩ සදට ද රහස් කියමිනි. ඒ රහසින් මත් වු එනම් ආදරයෙන් මත් වු අහස තුළ සද රටා මවනවා. තම පෙම්වන්තිය සමග ගත කරන ලද ප්‍රේමණිය අවස්ථා ඔහුගේ සිත තුළ මැවෙන අයුරැ එමගින් ඉදිරිපත් කරයි. ඔවුන් දෙදෙනා එක්ව මැවු හීන කියා පායි.

       ‘’හිත් දැහැනන් වෙළි තිබුණු
         නෙත් දැහැනේ ගලා හැලුණු
         මියදෙන්නට බලා හිදපු
         ආදරය ද මේ
         හිරැ රහසේ කියා දුන්න
         ආදරය ද මේ ‘’

                                සිතෙන් වියකි යමින් තිබු ආදරයක් උරැම වු ප්‍රේමවන්තයාගේ නෙතින් ද දුරස් වු ආදරය ගැන ඔහු උපේක්ෂාවෙන් යුක්තව මතකය ආවර්ජනය කරයි. කොයි හෝ මොහොතක නම් ආදරය ප්‍රේමවන්තයාගෙන් සමුගන්නා බව ඔහු දැන සිටි බව ‘’මියදෙන්නට බලා හිදපු ආදරය ද මේ ’ යන පදයෙන් අර්ථ ගැන්වේ. මේ බිදෙන ප්‍රේමය පිළිබද තමන්ගේ හදවත පෙර නිමිති කියු අයුරැ ‘’හිරැ රහසේ කියා දුන්න ආදරය ද ‍මේ’’ යන පදනයෙන් අර්ථවත් වේ.
  
      ‘’නිල් කටරොලු නිල නැහැවුනු
        මල් බර මුදු සුව රැදවුන
        තොල් පොති  කන පලද්‍රලන
        ආදරය ද මේ
        නුඹ රහනසේ කියා දුන්නු
        ආදරය ද මේ’’


                                                   තම ප්‍රේමවන්තියගේ සුන්දරත්වය කියා පාන්නේ අලංකාර සුවදවත් ආකර්ෂණීය  මලක් වන නිල් කටරොලු මල ‌යොදා ගනිමිනි ‌‌. නිල් පාටින් ඇගේ ආකර්ණිය බව පෙන්නුම් කරයි. මලකින් ඇගේ සියුමැලි බව ද පිළිඹිඹු කරයි. එමෙන්ම ඇය ළග සිටිය දී තමන්‌‌ගේ සිතට දැ‌නෙන සුවය ද ‘’මල් බර මුදු සුව රැදවුන’’ යන‌්නේන් පිළිඹිබු කරයි. වියෝ වු ප්‍රේමවන්තයා තමන්‌ගේ ආකර්ෂණිය, සියුමැලි ප්‍රේමවන්තිය අසල ඔහු රැදුණු විට ඔහු‌ගෙ හදවතට දැණුනු සුවය දක්වයි. එ‌මෙන්ම ප්‍රේමවන්තයා තම හැරගිය පෙම්වතියට යම් දොෂාරෝපනයක් ද ඉදිරිපත් කිරිමක් වැනි බව ‘තෝල් පෙති කන පලද්‍රලන ආදරය ද මේ’’ යන පදයෙන් පිළිඹිඹුවේ. ප්‍රේමවන්තියගෙ ආදර තෙපුල් තමන්ගේ හදවත සරසවන්නට පමණක් යොදා ගත් ඒවා ද යන්න ප්‍රශ්ණ කරයි. රහසින් පෙම් කරන ලද පළමු ප්‍රේමයෙන් වියෝ වු පෙම්වතා සිහිපත් කරන අයුරැ ‘’නුඹ රහසේ කියා දුන්නු ආදරය ද මේ’’ යන අවසන් පදය හරහා දැක්වේ. දෙමවුපියන්ට ගුරැවරැන්ට සමාජයට හොරෙන් සිදු කරන ලද ප්‍රේමයත් එමෙන්ම ආදරය යනු කුමක් ද යන්න කියා දුන් තමන්ගේ ප්‍රථම ප්‍රේමය වියෝ වු ප්‍රේමවන්තයා වෙරළ අද්දරට වී සිහිපත් කරන අයුරැ ජානක සිරිවර්ධනගේ ගී පද මගින් ඉදිරිපත් කෙරේ. එමෙන්ම එම ගී පද වල අලංකාරයටත් එම ගී පද වලට පන ලබා දීමටත් අමරදේව ශුරින්ගේ හඩ මුසු වීම හේතුවක් වී ඇත.

තමාෂා ගුණරත්න