Tuesday, July 30, 2019
Tuesday, July 23, 2019
Tuesday, July 16, 2019
කුවේට් රාජ්‍යයේ ජනමාධ්‍ය
පුවත්පත
Ø ARAB TIMES
Ø PUBLIC OPINION
අර්ධ වශයෙන් නිදහස් මාධ්‍යක්
පවතින රාජ්‍යක් ලෙස කුවේට් රාජය හැදින්විය හැක. මැදපෙරදිග රටවල් විසින් මාධ්‍ය
තත්වය ලැයිස්තුගත කර ඇති අතර එයට අනුව කුවේටය නිදහස් මාධ්‍යක් සහිත රාජ්‍යක් ලෙස
නම් කර ඇත. කුවේටයේ පුවත්පත් නිදහස ව්‍යවස්ථාවේ 36/37 වගන්ති වල සදහන්වේ. නුතන
කුවේටයේ මුද්‍රත මාධ්‍ය 1920 ගණන් වල දී ආරම්භ වු අතර 1960 ගණනන් වල දී කමල්යුහාර් හා මව්ලානා යන අය විසින්
එය පුළුල් කරන ලදී. කුවේට් හී බොහෝ පුවත්පත් තනි තනිව හිමිකාරිත්වයන් දරණ අතර
විවිධ අදහස් ප්‍රකාශයට පත් කිරිමට ඉඩ ඇති නමුත් යම් දුරකට එය ආණ්ඩුවට එරෙහිව හෝ
ඉස්ලාමිය තහනමට ඉඩ නොදෙනු ඇත.
කුවේට් රාජ්‍ය තුළ අරාබි හා ඉංග්‍රිසි
පුවත්පත් පහක් ඇත. වඩාත් ජනප්‍රය පුවත්පත වන්නේ AL-
Qabas ( STARBRAND ) පුවත්පතයි. කුවේට්ය තුළ ප්‍රධාන
වශයෙන් පවතින්නේ පුද්ගලික මුද්‍රිත මාධ්‍ය කර්මාන්තයකි.
Ø THE STARBAND
Ø THE STARBAND
1972 දී පිහිටුවන ලද අතර ලිබරල් ප්‍රකාශයක්
වේ.
1977 දී මෙම පුවත්පත ආරම්භ කරන ලදී.
Ø KUWAIT TIMES
ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරනු ලබන පුවත්පතක් වන අතර 1961 දී ආරම්භ කරන ලදී.
Ø PUBLIC OPINION
1961 දී ප්‍රකාශයට පත් කරන ලද කුවේටයේ
දිනපතා පුවත්පතක් ලෙස හැදින්වේ.
Ø THE NATION
Ø THE NATION
·
රුපවාහිනිය
කුවේටය තුළ රාජ්‍යයේ රැපවාහිනි
විකාශන ජාලා 4 ක් සහ චන්ද්‍රිකා නාලිකාවක් ක්‍රියාත්මක කරයි. 2003 සිට පෞද්ගලික රැපවාහිනි විකාශන රාශීයක් ආරම්භ
වී ඇත. අරබි රැපවාහිනි නාලිකා සමග ඇති චන්ද්‍රිකා රැපවාහිනි නාලිකා වැඩි
වශයෙන් ජනප්‍රිය වී ඇත. 1961 නොවැම්බර් 5 වන දින කුවේටයේ රැපවාහිනි
විකාශනය ආරම්භ වී ඇත. කුවේටයේ ජනප්‍රියම හා ප්‍රධානම රැපවාහිනි නාලිකා පහත පරිදි
දැක්විය හැක.
KTV 1 නාලිකාව
1992 අප්‍රේල් 7 වන දින ආරම්භ කරන ලද KTV1 නාලිකාව පැය 24 කාලයක විකාශනයකි. මෙය රාජ්‍ය නාලිකාවක් වන අතර
එහි වැඩසටහන් චක්‍රය සෑම මාස තුනකට වරක් වෙනස් වන අතර රාමසාන් මාසය තුළ විශේෂ
අන්තර්ගතයන් සහිතව විකාශනයවේ. නාලිකාවේ දිනපතා වැඩසටහන් ලෙස පහත වැඩසටහන් දැක්විය
හැක.
ü ගුඩ් මොනින් කුවේට්
ü බයිටෑක්
ü යහපත් සන්ධ්‍යාව
KTV1 නාලිකා
විකාශනයන් හී සංස්කෘතික හා ආගමික වැඩසටහන් ද රාජ්‍ය සිදුවිම් ද විකාශනය කරයි.
KTV 2 නාලිකාව
ඉංග්‍රිසි භාෂාවෙන් විකශනය කරන
ලද රාජ්‍ය නාලිකා වලින් එකක් ලෙස හැදින්විය හැක. මෙම නාලිකාව තුළ ඉංග්‍රිසි
වැඩසටහන් හා අරාබි වැඩසටහන් ඉංග්‍රිසි භාෂාවෙන් විකාශනය වේ.
KTV SPORT
නාලිකාව
1993 නොවැම්බර් 1 වන දින විකාශනය
ආරම්භ කරන ලද අතර මුලසුන ගත්
මොහොමඩ් ඇල් සැඩෙල් විසින් නාලිකාව පර්සියානු ගල්ෆ් කලාපයේ ප්‍රධාන ක්‍රිඩා
නාලිකාව බවට පත් කරන ලදි. එය මුලින්ම ප්‍රදේශිය ක්‍රිඩා නාලිකාවක් වශයෙන් විකාශනය
විය. අද වන විට ජාත්‍යන්තර ක්‍රිඩා තරග විකාශනය සිදු කරයි.
අල් අරබි නාලිකාව
2009 පෙබරවාරි 25 වන දින හිටපු තොරතුරැ අමාත්‍යවරයෙකු වන
He sheikh sabab හා
AL Khalid AL sabah ගේ උපදේස් මත
නාලිකාව ආරම්භ විය. එහි සාහිත්‍යමය, සංස්කෘතික හා විද්‍යාත්මක වැදගත්කමක් සහිත අංග
ආවරණය කරනු ලබයි. ජාතික උත්සව ආවරණය වන විට අල් අරාබි නාලිකාව KTV 1 නාලිකාව සමග
සම්බන්ධිකරණ කටයුතු සිදු කරයි.
එත්රා නාලිකාව
ඉස්ලාම් ආගම
ඉස්ලාමිය මුලධර්ම හා ඉස්ලාමයේ ආධ්‍යත්මික වටිනාකම පිළිබදව ජනතාව දැනුවත් කරන ආගමික
වැඩසටහන් විකාශනය කරන නාලිකාවකි. එය ආකෆ් හා ඉස්ලාමිය කටයුතු අමාත්‍යංශය සමග හා
ආවාකා මහජන පදනම සමග සම්බන්ධිකරණයක් සහිතව ක්‍රියාත්මක වන නාලිකාවකි. අන්තවාදි
දෘෂ්ඨිවාදයන්ට වඩා ප්‍රධාන ඉස්ලාම් ධර්මය ඉස්ලාමයට අනුග්‍රහය දනවන තොරතුරැ
සම්පාදනය කරයි.
·
ගුවන්විදුලිය
කුවේට් රාජ්‍යයේ අරාබි හා ඉංග්‍රිසි ගුවන්විදුලි
නාලිකා රැසක් පවති. 2005 දී ප්‍රථම
පෞද්ගලික ගුවන්විදුලි නාලිකාව එළිදැක්විය. කුවේටයේ ගුවන්විදුලි මධ්‍යස්ථාන 18 ක් පමණ පවති. FM
103.7 මගින් අරාබි සංගිත ස්ථානයත් FM 99.7 මගින් ඉංග්‍රිසි
සංගිත ස්ථානයත් විකාශනයවේ. 1951 කුවේටයේ ප්‍රථම
ගුවන්විදුලි විකාශනය ආරම්භ විය. 1961 දී කුවේටයේ
විමුක්තියෙන් පසුව 1961 දී රේඩියෝ මාධ්‍ය
වර්ධනය විය. 1990 දී ඉරාක ආක්‍රමණය
කිරිමෙන් පසුව කුවේට් පුරවැසියන්ට පක්ෂග්‍රහිව සිටිම සහ ඔවුන්ගේ රටෙහි ඉරාක ආක්‍රමණ
ප්‍රතික්ෂේප කිරිම සදහා කුවේට් ගුවන්විදුලිය අනෙකුත් රටවල් වල සිට විකාශනය කරන
ලදී.
·
නව මාධ්‍ය
කුවේට් රාජ්‍ය
තුළ අන්තර්ජාල භාවිතය 2, 219,972 බවට සදහන් වේ. 2013 දී කුවේට්
ටයිම්ස් පුවත්පතට අනුව ජනග්‍රහන අනුපාතය අනුව ජනග්‍රහනයෙන් සමානුපාතිකව ඇති සමාජ
මාධ්‍ය භාවිතකයන්ගෙන් ඉහළම ප්‍රතිශතයක් සහිත මැදපෙරදිග රට කුවේටයයි. 2015 දී මිලියන 2289 එනම් ජනප්‍රහනයෙන් 82.1% ක් අන්තර්ජාලය
භාවිතා කරන්නන් බවට CIA ආයතනය මගින් 2016 දී ප්‍රකාශයට පත් කර ඇත. කුවේටය තුළ
වඩාත් ජනප්‍රයම සමාජ මාධ්‍ය වන්නේ TWITTER සමාජ ජාලයයි. 2013 වර්ෂෙයේ දී TWITTER පරිශිලකයින් ගණන
225000 ක් වේ.
පුවත්පත් මගින් අද වන විට විවේචන එල්ල කළ ද ඒ
සදහා ස්වයං සීමා පවති. බොහෝ කතුවැකි මගින් ආණ්ඩුව විවේචය කරනු ලබන අතර THE STARBAND පුවත්පතට තවමත් සිමා පවති. මෙයට ප්‍රධාන වශයෙන්
හේතු වන්නේ කලාපයේ ස්ථාවරත්වය සහතික කිරිම සදහායි. බොහෝ විට පෞද්ගලික හා
විවිධාකාරයේ මුද්‍රත මාධ්‍ය ඇත. ඉස්ලාමීය මුලධර්මවාදී ජාතිවාදී හා ලිබරල්වාදී ලෙස
කුවේටය තුළ දෛනික, සතිපතා හා මාසික ලෙස අද වන විට පුවත්පත් සහ සගරා ප්‍රකාශයට පත්
වේ. කුවේටයේ පුවත්පත් රදා පවතින්නේ රාජ්‍ය සහනාධාර මතයි. එයට
හේතු වන්නේ ප්‍රවර්ධන වෙළදපලසිමා සහිත විමයි.
කුවේටයේ රජයේ රුපවාහිනි
නාලිකවන්ට අමතරව වර්ථමානයේ දී පෞද්ලික රුපවාහිනි විකාශන 13ක් සහ චන්ද්‍රකා රුපවාහිනි නාලිකා ගණනාවක්
ඇත. සවුදි අරාබි කණ්ඩායමක් සතු MBC 1 වැනි නාලිකා විශේෂයෙන් කුවේටය තුළ ජනප්‍රය වේ. රාජ්‍ය රුපවාහිනි
නාලිකා මගින් අසභ්‍ය දර්ශන දැඩි වාරණයක් පනවා ඇත. පෞද්ගලික නාලිකා තුළ වෙනස් වු
වැඩසටහන් ආකෘතියක් පවතින අතර තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් වැඩසටහන් නිපදවයි.
තමාෂා ගුණරත්න
මනරම් හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ පරිසර සුන්දරත්වය
ගම්පහ දූම්රිය ස්ථානයේ සිට ගම්පහ මිනුවන්ගොඩ ප්‍රධාන පාරේ කිලෝමීටර එකහමාරක් පමණ ගමන් කරන විට මාර්ගයේ වම්පසින් හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයට මග පෙන්වන නාම පුවරැව හමුවේ. අතීතයේදී ගම්පහට භාවිතා කළේ හෙනරත්ගොඩ කියන නාමය නිසා උද්‍යානයත් ඒ නමින් හදුන්වයි. එතැනින් හැරී තවත් කිලෝමීටර තුන් කාලක් පමණ ගමන් කළ විට උද්‍යාන ප්‍රවේශ දොරටුව දැකගත හැකි වේ. සොබා සෞන්දර්යයෙන් අනූන හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය ගම්පහ ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාවගේ මෙන්ම විවිධ ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගේ ආකර්ශණයට ලක් වූ ආකර්ශණීය ස්ථානයකී. ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය පෙම්වතුන්ගේ පාරාදීසයක් ලෙස හැදින්වීම නිවැරදී වේ.

හෙනරත්ගෙඩ උද්භිත උද්‍යානය තුළ ජපන් උද්‍යානය, උඩවැඩියා එකතුව, ඖෂධ උයන, පළතුරැ උයන, පුෂ්ප උයන, මී වන උයන, තාල වර්ගයේ ශාක එකතුව ආදී වශයෙන් ශාක පැතිරි තිබේ. ගම්පහ වැනි නාගරික පරිසරයක් තුළ පවතින මෙම සුවිශේෂ ස්ථානය ක්‍රියාත්මක වන්නේ ජාතික උද්භිත උද්‍යාන දේපාර්තමේන්තුව යටතේය. DIPTEROCARPAS ZEYLANICUS, ROYSTONIA REGIA, CAIOPHYIIAM INOPHYLLUM, TURAKTOGENUS KURZIL, LIVISTONA ROTUNDIFOIIA වැනි වැදගත් ශාක ප්‍රජාවන් උද්‍යානය තුළ පවති. උද්‍යාන ප්‍රදේශය තුළ වාර්ෂික වර්ශාපතනය මිලිමීටර 2500 ක් වන අතර වාර්ෂික උෂ්ණත්වය සෙන්සියස් අංශක 30 කී. උද්‍යානය තුළ ශාක විශේෂ 2000 ක් පමණ පවති. උද්‍යානයේ මෙහෙවර ශ්‍රී ලංකාවේ ස්වාභාවික හා නිර්මිත පරිසරයන් හී ඇති ශාක සම්පත් අධ්‍යනය, තිරසාර සංරක්ෂණය, තිරසාර සංවර්ධනය හා ආශ්වාද්යය සදහා ජනතාවට අවස්ථාව ලබා දීමයි.
උද්‍යානය තුළ ක්ෂිරපායි සතුන් වන දිය බල්ලා, නරියා, ලේනා, දඩු ලේනා, ඉත්තෑවා, මුගටියා ආදී සතුන් පරවියා, පිළිහුඩුවා, කොකා වැනි කුරැළු විශේෂ ද සමනලයා, මකුළුව, කුරැමිනියා, මී මැස්සන් වැනි කෟමි සතුන් ද සර්පයින් හා කටුස්සන් ද ගොඩ ගෙම්බා, ගෙම්බා ආදී උභය ජීවින් ද මොලුස්කාවන් වන ගොළු බෙල්ලා හම්බෙල්ලා ආදීන් ද මිරිදිය මාළු විශේෂ ද උද්‍යානය පරිශ්‍රය තුළ දැක ගත හැකි සුලභ සතුන්ය. උද්‍යනය තුළ ඝර්ම කලාපීය වනාන්තර 2ක් දැක ගත හැකි අතර ඒ තුළ සත්ව විශේෂ රැසක් ජීවත් වේ. තිරසාර සංරක්ෂණය යටයතේ පවත්වා ගෙනයන උද්‍යානය පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කර ගනිමින් තිරසාර සංවර්නය සිදු කරන ආකාරය දැක ගත හැකිවේ. ජනතාවට පරිසරයේ සුන්දරත්වය විද ගනිමින් විනොදාස්වාදය විද ගැනිමට හෙනරත්ගෙඩ උද්භිත උද්‍යානයෙන් ලැබෙන්නේ මහගු අවස්ථාවකි.
තමාෂා ගුණරත්න
Thursday, July 4, 2019
Thursday, June 6, 2019
Sunday, May 12, 2019
Subscribe to:
Posts (Atom)